අපි කව්ද ? . . . මේ මොනවද කරන්නේ ? . . .

සිංහල සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන 4 -6 දෙනෙකුගේ එකතුවක් සිංහල සාහිත්‍ය කණ්ඩායම නමින් වසර 2006 දී ආරම්භ කෙරුණි. මෙම එකතුව තුළින් පසුගිය වසර 2 ක් තුළ සිදු කළේ, ලාංකීය සමාජය ගැන විග්‍රහයන් හා තම තමන් උනන්දුවන ක්ෂේත්‍රයන් හඳුනාගැනීමයි.

මේ වනවිට සිංහල සාහිත්‍ය කණ්ඩායමේ එක් එක් ‍ෙකන‍ා තමන් තෝරාගන්නා ක්ෂේත්‍ර අනුව කියවීම ලිවීම අධ්‍යනය හා සාකච්ඡා කිරීම් විවිධ මට්ටම් වලින් සිදු කරමින් සිටී.

විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කෙටි කාලය තුළ දී, ලාංකීකයින් ලෙස පුද්ගලයන්ගේ ජීවත පැවැත්ම දෙස හා ලාංකීය සමාජය දෙස කිතුණු ඇසින් බැලීමේ වැදගත්කම මතු කරමින් සංවාද කිරීමට සිංහල සාහිත්‍ය කණ්ඩාය‍ම උත්සාහ කර ඇත.

විද්‍යාව, විද්‍යාව මගින් ප්‍රතික්ෂේප කරන මිනිස් (ආත්මීය) විඥානය, මිනිසාගේ ‍‍ෙඑතිහාසික ක්‍රියාකාරිත්වයන් වැනි මාතෘකා යටතේ ලිපි හා සංවාද ඉදිරිපත් කිරීමට ද
සිංහල සාහිත්‍ය කණ්ඩාය‍මේ අවධානය යොමු වුණි.

මෙලෙස විවිධ පුද්ගලයන්ගෙන් ලැබෙන අදහස් හැකි ඉක්මණින් සමාජය වෙත යොමු කර සංවාද ඇති කිරීම කණ්ඩායමේ අදහසයි. ඒ සඳහා පහසුම ක්‍රමයක් ලෙස අන්තර්ජාලයේ යොදා ගැණිනි. එහි සුළු ඉඩක් භාවිතා කරමින් සිදුකරන අත්හදාබැලීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම බ්ලොග් වෙබ් අඩවිය සිංහල බසින් ප්‍රකාශයට පත් කෙ‍ෙර්.

බ්ලොග් එකකින් පුද්ගලයන්ගේ ප්‍රතිරූප වටිනාකම් ගැනවත්, ලාංකීය සමාජයේ හැඩරුව හා එහි වෙනස්වීම ගැනවත් සාකච්ඡා කිරීමට හැකිවේ දැයි කියා කෙනෙකුට සිතෙන්න පුළුවනි. පොතක් ලෙස හෝ පුවත් පතක ලිපි පල කිරිමක් වුනත් මෙයට වඩා වැඩි වෙනසක් නැත. එමනිසා සිංහල පාඨකයා වෙත විවිධ අධ්‍යයන සම්ප්‍රදායන් ඉගැන්වීම් ඇතුලත් කිතුණු ලෝක දෘෂ්ටියත් එහි භාවිතාවත් හඳුන්වාදීමට මෙයින් යම් දායකත්වයක් ලබාදීමට හැකිවේ.

මෙහි පලවන අදහස් පිළිබඳව හෝ ඔබ කැමති අදහසක් යෝජනා විචාරයන් මාතෘකාවන්ට අදාලව ඉදිරිපත්කිරීමට අවස්ථාව ඇත. ඒ සදහා අදහස් පවුර පිටුව බලන්න.